google-site-verification: google069103a50024851e.html නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න: 5 පාඩම NOUNS

Friday, November 30, 2012

5 පාඩම NOUNS


                                  Nouns
                                      -
                                  -----------------------------------
                                  -                                               -
                    Concrete nouns                           Abstract nouns
                   
      -------------------------------------
      -                                                  -
Proper nouns                 Common nouns
                                                 -
                    -------------------------------------------
                    -                                                          -   
           Collective nouns                    Material nouns




    Nouns කියන්නේ නාම පද වලටයි. නැතිනම්
           යමෙකු (person)=teacher ,
           යමක්  (thing) = pencil ,
           සතෙකු (animal) = cat ,
           ස්ථානයක් (place) = Colombo ,
           හෝ , භාවමය දේවල්  (abstract idea) = love

           හැඳින්වීමට යොදා ගන්නා වචන වේ. විශ්වයේ ඇති සියලුම දේවලට නමක් හෝ හැදින්වීමක් ඇත. එනිසාම ඉංග්‍රීසි හෝ ඕනෑම බෂාවක වැඩිම වචන ඇති බෙදුම නාම පද වෙයි.

* KINDS OF NOUNS

      යමක් , යමෙක් , දෙයක් , තැනක් හඳුන්වන පද නාම පද කියලා දැන් අපි දන්නවා. එම නාම පද මුලින්ම පහත සඳහන් කොටස් දෙකට වෙන කෙරේ.

           1. CONCRETE NOUNS, ( යම් පුද්ගලයෙක්, යම් ස්ථානයක්,යම් දෙයක්, හඳුන්වන නාම පද ) පන්චේන්ද්‍රයන්ට දැනෙන,එනම් ඔබට දැකිය හැකි, ඇසිය හැකි, ආග්‍රහණය කල හැකි රස විඳිය හැකි නාමයන් වේ.

උදා; Person ; Taxi driver, Police officer, Doctor, etc;
      Place ; School, Kandy, Grocery store, etc;
      Thing ; Laptop, Cellphone, Mug etc;

            2.  ABSTRACT NOUNS, ( පන්චේන්ද්‍රයන්ට නොදැනෙන,එනම් ඔබට දැකිය නොහැකි, ඇසිය නොනොහැකි, ආග්‍රහණය කල නොහැකි රස විඳිය නොහැකි නාමයන් වේ.

උදා; Peace, justice, economy, belief, comfort etc;
     
   ෴෴෴෴෴ එයින් concrete noun නැවත, කොටස් දෙකකට බෙදෙයි.

             1. PROPER NOUNS, (Actual name of a person, of a place or of a thing ) යම් අයෙක්, යම් තැනක්,යම් දෙයක්, සඳහා ඇති සත්‍ය නාමය පුද්ගලික නාමය. මෙම PROPER NOUNS වාක්‍යයක මුල, මද, හෝ, අග, යන කොතැනකදී පාවිච්චි කලත් එහි මුලකුර කැපිටල් විය යුතුය.

     උදා; Upul, Sunethra

           Colombo,Gampaha,   
          
           Apple,                   
           
            2. COMMON NOUNS, යම් අයෙක්, යම් තැනක්,යම් දෙයක්, සඳහා ඇති පොදු  නාමය. ( සමහර COMMON NOUNS වලටද මුලකුර කැපිටල් යෙදෙන හැටි අපි පසුව ඉගෙන ගනිමු.)

       උදා; Man, Woman, City, Town, Fruit.

------------------------------------------------------------------------------------
    උදා; Common Noun/Proper Noun

    man / Jayantha
    woman / Malathi
    state / California
    store / Cargills
    restaurant / Akasa Kade
    mountains / Pedro ( පිදුරුතලාගල )
    countries / Sri Lanka, Ireland, France, America
    river / Mahawali
    institution / University of Peradeniya

          ඉන්පසු, COMMON NOUNS නැවත,කොටස් දෙකකට බෙදිය හැකියි.

             1. COLLECTIVE NOUNS, කණ්ඩායමක් හදුන්වන               නාමයන්
              
              උදා; army, choir, crew, band, staff, regiment      


             2. MATERIAL NOUNS ( විවිධ ද්‍රව්‍යයන් හඳුන්වන නාම )

             උදා; rose, rubber, silk, soil,

බය  නැතිව ඉංග්‍රීසි කතා කරන්න ප්‍රායෝගික ක්‍රම ඉදිරියේදී කතා කරමු.
                

No comments:

Post a Comment