google-site-verification: google069103a50024851e.html නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න: 2. පාඩම් SUBJECT AND PREDICATE

Monday, November 26, 2012

2. පාඩම් SUBJECT AND PREDICATE



SUBJECT AND PREDICATE

අප වාක්‍යයක් තැනීමේදී {හෝ කතා කිරීමේදී} අප යමක් හෝ යමෙකු ගැන අදහස් කරයි.......

      [ උදා; Kumara is playing. මෙම ප්‍රකාශයේ හෝ වාකය්‍යයේ අප කුමාර [ යමෙකු ] ගැන අදහස් කර ඇත.]

එසේම අප යමක් හෝ යමෙකු ගැන ප්‍රකාශයක් කරනු ලැබේ

     උදා; Kumara " IS PLAYING".

වෙනත් ලෙසකින් කිවහොත් අපට කතාකල යුතු අයෙක් හෝ දෙයක්ද, එතුල, ඒ අය, හෝ, දෙය, ගැන යමක් ප්‍රකාශ කිරීමද, යන අංග දෙකම වාක්‍යයක ඇතුලත් වේ. [මෙහිදී මා සිංහල භාෂාවේ වියාකරණ බස ඇතුලත් නොකරන බව කරුණාවෙන් සලකන්න]. 

වාක්‍යයක් තුල අප කතා කරන අය හෝ දෙය අප " Subject " වේ.  උදා; ඉහත වැකියේ KUMARA = SUBJECT වේ. එම " SUBJECT " එක ගැන කරනු ලබන ප්‍රකාශය " PREDICATE " ලෙස හැඳින්වේ.

* සාමාන්‍යයෙන් වාක්‍යයක සබ්ජෙක්ට් එක මුලට යෙදේ.එම රීතිය බැහැර වන අවස්ථාද නොමැත්තේමද නොවේ.
    
     උදා; Here comes the bus.

* එසේම " Imperative sentences " තුල සබ්ජෙක්ට් එකක් නොමැත.එහිදී සබ්ජෙක්ට් එක නොමැති වුවත් අදහස තේරුම් ගැනීමට හැකිය. එසේම සබ්ජෙක්ට් එකද පැහැදිලිය.

     උදා; Sit down.

මෙම වාකය්‍යයේ අදහස පැහැදිලිය. සබ්ජෙක්ට් එක "You" බවද පැහැදිලිය.


                                                                                                                                           මෙහි සඳහන් ඉංග්‍රීසි වචනවල ශබ්දය ඇසීමට එම වචනය තෝරා පහතින් ඇති ගැජට්ටුව ක්ලික් කරන්න.

Free English for me..........Free English 4 me...........Free English for me......

No comments:

Post a Comment