google-site-verification: google069103a50024851e.html නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න: 1 . පාඩම THE SENTENCE

Monday, November 26, 2012

1 . පාඩම THE SENTENCE

THE SENTENCE

               අප ඉංග්‍රීසි බස කතා කරද්දී හා ලිවීමේදී වචන භාවිතා කරනු ලැබේ. සාමාන්‍යයෙන් එම වචන, සමුහයක් ලෙස යොදා ගැනේ.

උදා; Amara sat in a corner.
   
      යම් අර්ථයක් දනවන වචන සමුහයක් හෝ වචන ඛණ්ඩයක් වාක්‍යයක්  නොහොත්   " Sentence " [සෙන්ටෙන්ස්] ලෙස හැඳින්වේ.

KINDS OF SENTENCES

   "SENTENCES" ආකාර සතරකි.

           [1] ප්‍රකාශ හෝ නිශ්චිත ප්‍රකාශ වාක්‍යය .සරල බසින් කිවහොත් යම් ප්‍රකාශයක් කරන වාක්‍යයන්
                  
              [උදා] Amara sat on a wall.

          [2] විමසීමක් හෝ ප්‍රශ්නයක් නගන වාක්‍යයන්
         
              [උදා] What is your name?

          [3] බැගෑපත් ඉල්ලීමක්, ඉල්ලීමක්, හෝ අණක් සහිත
             වාක්‍යයන්

              [උදා] Be quiet.

          [4] ප්‍රබල හැගීමක් දනවන වාක්‍යයන්

              [උදා] How cold is this night !

අංක 1 " Declarative or Assertive sentence " ලෙසත්,

අංක 2 " Interrogative sentence " ලෙසත්,

අංක 3 " Imperative sentence " ලෙසත්,

අංක 4 " Exclamatory sentence " ලෙසත් හැදින්වේ.


 මෙහි සඳහන් ඉංග්‍රීසි වචනවල ශබ්දය ඇසීමට එම වචනය තෝරා පහතින් ඇති ගැජට්ටුව ක්ලික් කරන්න.

No comments:

Post a Comment