Nouns
-
-----------------------------------
- -
Concrete nouns Abstract nouns
-------------------------------------
- -
Proper nouns Common nouns
-
-------------------------------------------
- -
Collective nouns Material nouns
Nouns කියන්නේ නාම පද වලටයි. නැතිනම්
යමෙකු (person)=teacher ,
යමක් (thing) = pencil ,
සතෙකු (animal) = cat ,
ස්ථානයක් (place) = Colombo ,
හෝ , භාවමය දේවල් (abstract idea) = love
හැඳින්වීමට යොදා ගන්නා වචන වේ. විශ්වයේ ඇති සියලුම දේවලට නමක් හෝ හැදින්වීමක් ඇත. එනිසාම ඉංග්‍රීසි හෝ ඕනෑම බෂාවක වැඩිම වචන ඇති බෙදුම නාම පද වෙයි.
* KINDS OF NOUNS
යමක් , යමෙක් , දෙයක් , තැනක් හඳුන්වන පද නාම පද කියලා දැන් අපි දන්නවා. එම නාම පද මුලින්ම පහත සඳහන් කොටස් දෙකට වෙන කෙරේ.
1. CONCRETE NOUNS, ( යම් පුද්ගලයෙක්, යම් ස්ථානයක්,යම් දෙයක්, හඳුන්වන නාම පද ) පන්චේන්ද්‍රයන්ට දැනෙන,එනම් ඔබට දැකිය හැකි, ඇසිය හැකි, ආග්‍රහණය කල හැකි රස විඳිය හැකි නාමයන් වේ.
උදා; Person ; Taxi driver, Police officer, Doctor, etc;
Place ; School, Kandy, Grocery store, etc;
Thing ; Laptop, Cellphone, Mug etc;
2. ABSTRACT NOUNS, ( පන්චේන්ද්‍රයන්ට නොදැනෙන,එනම් ඔබට දැකිය නොහැකි, ඇසිය නොනොහැකි, ආග්‍රහණය කල නොහැකි රස විඳිය නොහැකි නාමයන් වේ.
උදා; Peace, justice, economy, belief, comfort etc;
෴෴෴෴෴ එයින් concrete noun නැවත, කොටස් දෙකකට බෙදෙයි.
1. PROPER NOUNS, (Actual name of a person, of a place or of a thing ) යම් අයෙක්, යම් තැනක්,යම් දෙයක්, සඳහා ඇති සත්‍ය නාමය පුද්ගලික නාමය. මෙම PROPER NOUNS වාක්‍යයක මුල, මද, හෝ, අග, යන කොතැනකදී පාවිච්චි කලත් එහි මුලකුර කැපිටල් විය යුතුය.
උදා; Upul, Sunethra
Colombo,Gampaha,
Apple,
2. COMMON NOUNS, යම් අයෙක්, යම් තැනක්,යම් දෙයක්, සඳහා ඇති පොදු නාමය. ( සමහර COMMON NOUNS වලටද මුලකුර කැපිටල් යෙදෙන හැටි අපි පසුව ඉගෙන ගනිමු.)
උදා; Man, Woman, City, Town, Fruit.
------------------------------------------------------------------------------------
උදා; Common Noun/Proper Noun
man / Jayantha
woman / Malathi
state / California
store / Cargills
restaurant / Akasa Kade
mountains / Pedro ( පිදුරුතලාගල )
countries / Sri Lanka, Ireland, France, America
river / Mahawali
institution / University of Peradeniya
ඉන්පසු, COMMON NOUNS නැවත,කොටස් දෙකකට බෙදිය හැකියි.
1. COLLECTIVE NOUNS, කණ්ඩායමක් හදුන්වන නාමයන්
උදා; army, choir, crew, band, staff, regiment
2. MATERIAL NOUNS ( විවිධ ද්‍රව්‍යයන් හඳුන්වන නාම )
උදා; rose, rubber, silk, soil,
බය නැතිව ඉංග්‍රීසි කතා කරන්න ප්‍රායෝගික ක්‍රම ඉදිරියේදී කතා කරමු.